විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින මලල ක්‍රීඩකයින්

විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින්

by Chathuranga Rajapaksha 04-05-2018 | 10:38 PM
COLOMBO (News 1st) -දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල හෙට දිනයේදී ආරම්භ වීමට තිබියදී, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයේ ජලය සහ විදුලිය නොමැති බව වාර්තා වේ. ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. ඒ, සඳහා රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට එක් වන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු මෙවර තරගාවලියට සහභාගී වේ. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටිනනේ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් ක්‍රීඩක නේවාසිකාගාරය තුළයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද පෙරවරුවේ සිට විදුලිය සහ ජලය නොමැති කමින් අසීරුතාවයකට පත්ව තිබුණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේන් ස්පෝර්ට් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ තමන් දැනුවත් වූයේ රාත්‍රීයේදී බව ය. කෙසේ වෙතත් අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1935865619807020/