රුපියල් කෝටි 4 ක රත්‍රං සමග සැකකරුවෙකු රේගු භාරයට

රුපියල් කෝටි 4 කට අධික රත්‍රං තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී රේගු භාරයට

by Chathuranga Rajapaksha 04-05-2018 | 9:56 PM
COLOMBO (News 1st) - රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී සොයාගත් රත්‍රං ප්‍රමාණය කිලෝග්‍රෑම් 7 කට ආසන්න බව ය. සැකකරු ගුවන් තොටුපොළේ බදු රහිත භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක සේවය කරන්නෙකු වන අතර ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ දුන් තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.