බැසිල්ට එරෙහි නඩුව කල් යයි

බැසිල්ට එරෙහි නඩුව කල් යයි

by Staff writer 04-05-2018 | 12:38 PM
COLOMBO (News 1st) - රජයේ මුදල් භාවිත කර දිවි නැගුම ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන ජූලි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේ ය. නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් ලබන 9 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව විත්තියේ නීතිඥයෝ කරුණු දක්වමින් පෙන්වා දුන්හ. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය කල් තැබුවේ ය. නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු අධි චෝදනා යටතේ ය. https://www.youtube.com/watch?v=qUUKoxW5-xY