පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

by Chathuranga Rajapaksha 04-05-2018 | 10:01 PM
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිසමේ නිර්දේශයන්ට යටත්ව මෙම මාරුවිම් ලබා දුන් බව ය. ඒ, අනුව පොලිස් අධිකාරිවරයකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.