පිටරටින් සහල් ගෙන්වීම නවතා දැමීමේ වාසිය කාටද?

පිටරටින් සහල් ගෙන්වීම නවතා දැමීමේ වාසිය කාටද? ගොවියාටද? පාරිභෝගිකයාටද? මෝල් හිමියාටද?

by Chathuranga Rajapaksha 04-05-2018 | 8:39 PM
COLOMBO (News 1st) - පිටරටින් සහල් ගෙන්වීම පාලනය කිරීමට ද රජය මේ වනවිට තීරණය කර තිබේ. සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවියාටද? පාරිභෝගිකයාටද? මෝල් හිමියාටද? 2016 වසරේ සිට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ 2017 වසරේ වී නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල විය. ඒ අනුව දශකයට පමණ පසු අඩුම වී නිෂ්පාදනය වාර්තා වූයේ ඉකුත් වසරේදී ය. දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවීම නිසා ඉන්දියාව පකිස්ථානය, මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවලින් සහල් ආනයන කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පියවර ගැනිණි. ඒ, අනුව සහල් ආනයනය කිරීමේදී පනවා තිබූ බදු වරින් වර අඩුකිරීමට පියවර ගැනිණි. මහ බැංකුවේ වාර්තාවලට අනුව ඉකුත් වසරක පමණ කාල සීමාව තුළ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 8 ක් පමණ ආනයන කර තිබේ. කෙසේ වෙතත් ඉකුත් මහ කන්නයේ අස්වැන්න ඉහළ මට්ටමක පැවැති හෙයින් මැයි මස 01 වෙනිදා රැස්වුණු ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත්තේ තව දුරට ත් සහල් ආනයනය කිරීමේ අවශයතාවක් රටතුළ නොමැති බවටයි. ඒ, අනුව පනවා තිබු සත 25 බද්ද නැවතත් පෙර තිබු තත්ත්වයට පත් කරමින් අප්‍රේල් 30 වැනිදා සිට මෙරටට ආනයනය කරන සහල් පාලනයකට ලක්කර තිබේ. ජීවන වියදම් කමිටුව සඳහන් කළේ, මේ යටතේ සහල් කිලෝග්‍රෑම් එකක් ආනයනයට රුපියල් 70 කට වඩා මිලක් වැයවන බව ය. ගොවීන්
පහුගිය කන්නෙ කන්න ගාණක් අපි දුක් විඳලා දුක් විඳලා පහුගිය මාස් කන්න, කන්න පහු වෙලා හරි කරගත්තා. ඒ කරගත්ත එකේ ප්‍රතිඵලය මොකක්ද අස්වැන්නෙන් 50%යි. ගොයම් ටික කපලා වී ටික විකුණගන්න ගියපුවාම මෝල් කාරයාට ඕන විදිහට තමයි වී ටික ගන්නෙ. මේ පොළොන්නරුවෙ ප්‍රධාන මෝල්කරුවන් 5 දෙනෙක් එකතු වෙලා ඒ 5 දෙනාගෙ තීන්දු තීරණ මත තමයි අද වී මිල තීන්දු වෙලා තියෙන්නෙ. රුපියල් 80ට එහා තමයි හැම හාල් කිලෝ එකක්ම තියෙන්නෙ. හැබැයි ගොවියගෙ වී ටික ගන්නෙ රුපියල් 35යි 40ත් අතර. බලන්න කොච්චර ලාභයක් ලබනවද කියලා.
වී ටික අඩුවට අරගෙන හාල් ටික වැඩි මිලට විකුණනවා. දුප්පත් මිනිහට කන්න හාල් නෑ
දැඩි තීරණ අරගෙන මේ පාලන මිල හරියට ක්‍රියාත්මක කරන්න ඒක පෞද්ගලික වෙළෙන්දටත් දාන්න ඕන මොකද දැන් මේක මහපාරෙ. පොඩි මෝල්ටික ‍‍ඔක්කොම දැන් වැහිලා ඉවරයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා
දේශීය ගොවියාගේ වී අස්වැන්න නිකුත් වනකොට ඉතාමත් අඩුමිලකට තමයි මේවා මිලදී ගත්තේ මහා පරිමාණ මෝල් හිමියන්. අපි මේ අවස්ථාවේදී කියන්නේ 2017 දෙසැම්බර් මාසය වනකොට ගන්න ඕන තීරණයක් .එහෙම නැත්තම් මහ කන්නයේ වී අස්වැන්න් නෙලන කොට ගන්න ඕන තීරණයක් දැන් ගැනීම කිසිම පලක් නෑ. මෙය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් විදියටයි අපි නම් කරන්නේ. මහා පරිමාණ මෝල් හිමියන්ට මේ ගොඩගහ ගන්න තියලා මේ ආනයනික සහල් ඊට පස්සේ මාස 6ක් 7ක් වෙනකන් ඔවුන් ඒක ගොඩ ගහලා තියෙනවා.ඔවුන්ට තොග තිබෙනවා. ඔවුන් ගොඩ ගැහුවාට පස්සේ නීතියක් දානවා.ඒක නිසා මේ රටේ පාරිභෝගිකයාට මේකෙන් සහනයක් ලැබෙන්නේ නෑ
ආර්.බී. මාවලගෙදර මහතා - සහල් මෝල් හිමිකරුවෙක්
අපි දැන් මේ දවස්වල වී ගැනීමට හැකියාවක් නෑ. මොකද හාල් විකිණීමත් අඩුයි. වෙළඳපොලේ ලොකු රටහාල් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා ඒ හින්දා අපේ හාල් ඉල්ලුම 99%ක්ම අඩු වෙලා තියෙන්නෙ. මේක මහා පරිමාණ වී මෝල් හිමියො දෙන්නෙක් තුන්දෙනෙක් තමා මේක හැමදේම කරගෙන යන්නෙ. ඉතින් එයාලගෙ උවමනා එපාකම් මතයි, ඇමතිවරුන්ගෙ උවමනා එපාකම් මතයි තමා මේ සියළුම දේවල් වෙන්නෙ
සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්.ඩී .කේ මුදිත් පෙරේරා මහතා
සහල් ආනයනය කරන්න අවශ්‍යතාවක් තිබ්බේ නෑ ලංකාවේ හාල් මිල ඉහළ ගියේ වී හිගයක් හින්දා නෙවෙයි මහා පරිමාණ සමාගම් 2 3 ක් අධික ලාභ පරමාර්ථයෙන් ගබඩා වී තොගවලින් පිරවීම හින්දා. කෘතිම හාල් මිල ඉහළ යාමක් තිබ්බේ. නමුත් රජය මේ ගැටලුව වැරදි විදියට නිර්වචනය කරගෙන සහල් ආනයනය කළා. හැබැයි දේශීය වෙළදපලේ ඒකෙන් සහල් මිල පහළ ගියෙත් නෑ. සිද්ධ වුණේ අනවශය ලෙස සහල් තොග රටතුළට ආනයනයට වෙලා වී තොග මිල පහළ යාම පමණයි. අපි හිතන්නේ රජය බොහොම ප්‍රමාද වෙලා තමයි සහල් ආනයනය නවත්වන්ඩ තීරණය ගත්තේ. මේකේ වාසිය ගොවියාට ගියෙත් නෑ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන්ට ගියෙත් නෑ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා
දේශිය හාල් මේ වෙනකොට 2017 ජනවාරි සිට මේ වෙනකොට නිෂ්පාදනය වෙලා තියෙනවා හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 52ක්.එතකොට අපේ හාල් පරිභෝජනය තියෙන්නේ අවුරුද්දකට අපට අවශය වන්නේ හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 24යි.මාසෙකට ලක්ෂ 2යි.එහෙම නම් මෙ හාල් ප්‍රමාණය අපිට සෑහෙනවා මාස 27 කට. එතකොට එහෙම තියෙද්දිද් හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 11 කට වැඩි ප්‍රමාණයක් පිට රටින් ගෙනත් තියෙනවා. මේ වෙනකොට හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 29 ක් අපේ රටේ තියෙනවා. එහෙමනම් යල කන්නයේ අස්වැන්න ගැන නොසලා හැරියත් මාස 14 හමාරකට අවශය හාල් තොග අපේ රටේ දැන් තියෙනවා. එහෙනම් මේ හාල් තොග දැන් කොහෙද තියෙන්නේ මේ හාල් රජය සතුව තියෙනවාද?පොඩි මෝල් සතුව තියෙනවාද?ගොවියො ලග තියෙනවාද? නෑ. එහෙමනම් මේ හාල් තොග හංගෙන ඉන්නේ .වී තොග හංගෙනන තියෙන්නේ හංගලා ඉවරවෙලා රුපියල් 90 ගණන්වලට එකසිය ගණන්වලට පාරිභෝගිකයාට හාල් විකුණනවා.මේක තමයි තත්ත්වේ
https://www.facebook.com/NewsfirstSL/videos/1935664193160496/