දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි

දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Chathuranga Rajapaksha 04-05-2018 | 3:49 PM
COLOMBO (News 1st) - දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලට ත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින ආශ්‍රිත පහල වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව ය. ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 07 වැනිදා උදෑසන දක්වා පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.