ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වේ

ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

by Staff writer 04-05-2018 | 12:55 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ වසර 5ක කාලයක් ඉදිරිපත් නොකිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 23 වන දා ආරම්භ කිරීමට අද දින නියම කෙරිණි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අද අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. නඩුවේ පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අද අධිකරණය හමුවේ පෙනී සිටි 3 වන සාක්ෂිකරුට ජූලි 23 යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේ ය. නඩුවේ පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා එදින අධිකරණයට කැඳවීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය. https://www.youtube.com/watch?v=9FIJuntpigo