ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?

ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂා වන්නේ කෙසේද? ගම්මැද්ද වැඩමුළු මාලාව හෙට සිට ඇරඹෙයි

by Chathuranga Rajapaksha 04-05-2018 | 10:23 PM
COLOMBO (News 1st) - ගංවතුරට පෙර සුදානම් වීම අරමුණු කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට ගම්මැද්ද කටයුතු යොදා තිබේ. එම දැනුවත් කිරිමේ වැඩමුළු පැවැත්වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් අවදානම් ප්‍රදේශ ආශ්‍රිතවයි. ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගය ද ඇතිව මෙය සංවිධානය කෙරේ. මෙහි සමාරම්භක වැඩමුළුව හෙට රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට නියමිත ය. මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වේ. https://www.facebook.com/newsfirst.gammadda/videos/1764362930286612/