කිරිපිටි මිල රු.20කින් ඉහළ දැමීමට නිර්දේශ

කිරිපිටි මිල රු.20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවෙන් නිර්දේශ

by Staff writer 04-05-2018 | 6:40 AM
COLOMBO (News 1st) - කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එහි සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර කිරිපිටි මිල ඉහළ නොදමන්නේ නම් මෙරට සිදු කරන මෙහෙයුම්වලින් ඉවත් වන බව ප්‍රධාන පෙළේ සමාගමක් පසුගියදා රජයට දන්වා තිබිණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යේෂඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ පිළිබඳ අවස්ථා දෙකකදී අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජීවන වියදම් කමිටුවට කරුණු දැක්වූ බව ය.