කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක

කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 04-05-2018 | 10:52 AM
COLOMBO (News 1st) - කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කළ පිහි ඇනුමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනි. බස් රථ 275ක් පමණ ධාවනයෙන් ඉවත් වී සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය. බස් රථ සේවකයින් ඉල්ලා සිටින්නේ, පිහි ඇනුම සිදු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙස ය. මේ වන විට පෞද්ගලික බස් රථ රියැදුරු කළුතර නාගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. බස් රථ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය.