කම්කරු දිනය සමරන්න ලංගම බස් 750ක්

කම්කරු දිනය සැමරීමට දේශපාලන පක්ෂ වලින් ලංගම බස් 750ක්

by Chathuranga Rajapaksha 04-05-2018 | 10:06 PM
COLOMBO (News 1st) - කම්කරු දින සැමරුම් රැළි සඳහා බස් රථ 750 කට අධික ප්‍රමාණයක් මේ වනවිට දේශපාලන පක්ෂ විසින් ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි ‍නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ඉල්ලුම් කරන බස් රථ සඳහා සියලු මුදල් ගෙවීමෙන් පසු, නිදහස් කිරිමට පියවර ගන්නා බව ය. කම්කරු දින රැළි වෙනුවෙන්, බස් රථ ලබා දීමෙන් ලබන 08 වැනිදා සාමාන්‍ය සේවා සැපයීමේදී ගැටලු ඇතිවිය හැකි බව ද චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. එම තත්ත්වය පාලනය කර ගනිමින්, මැයි දින රැළි වෙනුවෙන් බස් රථ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසයි.