අල්ලස් සිද්ධිය ආණ්ඩුව දෙදරීමේ ප්‍රතිඵලයක්

අල්ලස් සිද්ධිය ආණ්ඩුව දෙදරීමේ ප්‍රතිඵලයක් - ජෝන්ස්ටන් ප්‍රනාන්දු

by Chathuranga Rajapaksha 04-05-2018 | 9:49 PM
COLOMBO (News 1st) - ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නියෝග කර තිබේ. ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ය. ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන් ඊයේ පස්වරුවේ කොළඹ තරුපහේ හෝටලකදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේදී ය. සැකකරුවන් ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඊයේ රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කල නිවේදනයක දැක්වුණේ, අල්ලසට සහ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැගත්කම මෙම සිද්ධියෙන් තහවුරු වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙන බව ව. නීතිය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට වත්මන් රජය යටතේ ඇතිකර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබදව තමා සතුටු වන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. මෙම අල්ලස් ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් අද විවිධ අදහස් පලවිය. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකොන් මහතා
ආණ්ඩුවක් බලයට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් තුළ මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ක්‍රියාත්මක කිරිම සඳහා ආයෝජකයකු සොයා ගන්නට කැවිමක් කරනවා. මේකේ සමිපුර්ණ ආයෝජනය ඇමරිකානු ඩොරල් මිලියන 100ක් මේ ගිවිසුම අනුව මේ කර්මාන්ත ශාලාව පටන් ගන්නට අවශ්‍ය කටයුතු කළා. මේකේ තිබෙන අබලි යකඩව වටිනාකම රුපියල් කො‍්ටි 50ක් කියන එක්ට දළ ඇස්තමේන්තුවක් තියෙනවා. මේ යකඩ ටික මේ ගැණුම්කරුවාට නොදි ඉන්නට මේ ඉඩමි අමාත්‍යාංශයේ ලේකමිවරයා දැවන්ත උත්සහයක් ගත්තා. මසයකට ඉස්සරලා විශ්‍රාම ගිහිල්ලා නැවත ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩට යනවා. මොහු එතනට ගිහිල්ලා ඉතාම කෙටි කාලයක් තුළ ආපසු මේ වැඩේටම අත ගසනවා. ඒ සඳහා ඔහුන්ගෙන් ඉල්ලා සිටි මුදල කෝටි 60ක් එතකොට කිසිම ආයෝජකයකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෝටි 50ක් වටින දේකට පගාව විතරක් කෝටි 60ක් ගෙවන්න හැබැයි ඒ ආයෝජකයාට එහේම කරන තත්වයකට පත් වෙන්න සිද්ද වෙනවා. ඒ සඳහා පිඩා කිරිමේ අවස්ථාව ලැබෙනවා. මොකද ඔවුන් මේ වෙනකොටත් ඇමරිකානු ඩොරල් මිලියන 10ක් ලංකාවේ රජයට ගෙනත් තියෙන නිසා. මෙන්න මේක තමයි. දිගින් දිගටම රාජ්‍ය සේවයේ නිලධාරින් ලංකාවේ ආයෝජකයින් ආවාම ඔවුන්ට කරන පිඩාව මේක කරන නිසා තමයි. අද ලංකාවට ආයෝජකයො එන්නේ නැත්තේ
ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා
ව්‍යාපෘතිය සම්මත කිරිමට හා ඉඩම් ලබාදීමට පරක්කු වෙලා තියෙනවා. මේක තිබුණ යෝජනාවක්. මේ ඉඩමට අවශ්‍ය බඩු බාහිර ආදියේ ප්‍රශ්ණයක් තිබුණා. යකඩ පිළිබඳව එක්කඟතාවයක් තිබුණේ නැහැ. එක් නිසා තමයි. මේක බේරුම් ක්‍රමයකට යන්න වුණේ. ඉඩම් අමාත්‍යාංශය මගින් ඉඩම් නිදහස් කරන්න වුණා.
ප්‍රශ්ණය - බේරුම් ක්‍රමය කියන්නේ රුපියල් මිලියන 20ක් කප්පම් දෙන එකද ? අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා
ඕක එයාලගෙන් අහන්න මේවා මේහෙම හෙළි වෙන්නේ අපි විනිවිදභාවෙයෙන් කටයුතු කරන නිසා.වෙන එක්ම රජයක එහේම අහුවෙලා තියෙනවාද? අපි මේවා ගැන අවධානයෙන් ඉන්නේ අපිට කියන්න බැහැ හැම රජයේ නිලධාරියකුම අවංකද නැද්ද කියලා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා
මේකේ ඉන්නේ අගමැතිතුමා පිටුපස්සේ. මේ තමයි ආණ්ඩුව දෙදරිල්ලේ ප්‍රතිඵල. නැත්නම් මේක කවදාවත් අහුවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගිහිල්ලා පැමිණිලි කරාම ගානට සෙට්කරලා අල්ලලා දුන්නා. ඒක තමයි ඇත්ත කතන්දරේ.නැත්නම් ඔය සල්ලි ගත්ත ඒවා අහුවෙන්නෙත් නෑ ඔය හොරු අහුවෙන්නෙත් නෑ
https://www.facebook.com/NewsfirstSL/videos/1935670639826518/