අදත් ගුවන් ගමන් 2ක් ප්‍රමාදයි

අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 2ක් ප්‍රමාදයි

by Staff writer 04-05-2018 | 11:26 AM
COLOMBO (News 1st) - අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ගුවන් ගමන් 2ක් අදත් ප්‍රමාද කිරීමට සිදු වූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. මේ අනුව අද පෙරවරු 7.35ට ඉන්දියාවේ කොචින් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය පැය 5ක් ප්‍රමාද කිරීමට සිදුවන බව කටුනායක ගුවන්තොටුපොළ සඳහන් කළේ ය. එය පියාසර කිරීමට සැලසුම් කර ඇත්තේ, දහවල් 12.30ට ය. පෙරවරු 8.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානය ද පෙරවරු 10.10 දක්වා ප්‍රමාද කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය. ඉන්දියාවට බලපා ඇති දූවිලි කුණාටු සහිත කාලගුණ තත්ත්වය මීට හේතුව යි.