FB අවුල් කළ ඇනලිටිකා සමාගම වසා දැමීමේ තීරණයක්

ෆේස්බුක් අවුල් කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමේ තීරණයක්

by Chathuranga Rajapaksha 03-05-2018 | 7:26 AM
ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එල්ලවන ප්‍රභලතම චෝදනාව වන්නේ සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත අයුතු ලෙස එක්රැස් කිරීමයි. ජනපති ට්‍රම්ප් දිනවීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම, සිය ගිණුම් හිමියන් මිලියන 87 කගේ පමණ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බව ෆේස්බුක් සමාගම පවසයි. මේ හේතුවෙන් ෆේස්බුක් සමාගම පිළිබඳ පැවති විශ්වාසය කඩවීම හමුවේ එහි කොටස්වල අගය ද විශාල ලෙස පහත වැටුණි. කෙසේ වෙතත්, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමුණ ද ඊට එරෙහි විමර්ශන කටයුතු අඛණ්ඩව පැවැත්වෙනු ඇතැයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේය.