ලොකු ලූනු සහ අර්තාපල් බදු ඉහළට...

ලොකු ලූනු සහ අර්තාපල් බදු ඉහළට...

by Sagarika Chathumali 03-05-2018 | 4:28 PM

ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා වන ආනයනික බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ලොකු සහ අර්තාපල් මිල පහළ යාමත් සමග දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. මේ අනුව රුපියලක්ව පැවති ලොකු ආනයනික ලූනු බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ දමා තිබේ. මෙතෙක් රුපියල් 30 ක්ව පැවති අර්තාපල් සඳහා පැන වු ආනයන බද්ද ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමිණ.