පළාත් රැසකට ඉදිරි පැය කිහිපයේ මහ වැසි

පළාත් රැසකට ඉදිරි පැය කිහිපයේ මහ වැසි

by Sagarika Chathumali 03-05-2018 | 5:05 PM

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 7 ක කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි ,බලාපොරොත්තු විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70-80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි වේ. ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.