නව පාර්ලිමේන්තු සැසිය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක්

නව පාර්ලිමේන්තු සැසිය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක්

by Chathuranga Rajapaksha 03-05-2018 | 7:07 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ගේ හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උදෑසන 9 ට කතානායක නිල කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන බව ය. එළඹෙන 8 වනදා ආරම්භ වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදී මූලිකව සාකච්ඡා කිරීමට නියමිත බව ද කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේය.