දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 100 දෙනෙක් මරුට

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 100 දෙනෙක් මරුට

by Sagarika Chathumali 03-05-2018 | 4:42 PM

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් මෙලෙස දූවිලි කුණාටුවෙන් මියගොස් ඇති බවයි. තවත් පුද්ගලයින් විශාල පිරිසක් දූවිලි කුණාටුව හේතුවෙන් තුවාල ලබා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. කුණාටුවේ බලපෑමෙන් රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ආශ්‍රිතව විදුලිය ඇණහිට, නිවාස රැසකට ද දැඩි හානි සිදුවී තිබේ. කුණාටුව හටගත් අවස්ථාවේ මියගිය පුද්ගලයින් බහුතරයක් සිය නිවෙස් තුළ නිදා සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය බලධාරීහු පවසති.