දිමුත්ට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්

දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්

by Chathuranga Rajapaksha 03-05-2018 | 10:53 AM
COLOMBO (News 1st) -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මේ දිනවලදී පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමට ලක්ව සිටී. ඒ, ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ඊයේ ආරම්භ වූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් සැසියකදී දිමුත්ගේ අතක ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි දිමුත්ට එම තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ද මේ ආබාධය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩිදුරටත් සදහන් කරන්නේ දිමුත් කරුණාරත්න වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ය.