ගම්මැද්දෙන් තවත් ජනතා සත්කාරයක්

ගම්මැද්දෙන් තවත් ජනතා සත්කාරයක්

by Sagarika Chathumali 03-05-2018 | 9:07 PM
COLOMBO (News 1st)  : ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගම්මැද්ද විසින් සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරි දිනවලදී පැවැත්වීමට සූදානම්කර තිබේ. ආපදා තත්ත්වයන් හේතුවෙන් ජීවිත මෙන්ම දේපොළ රැසක් ද පසුගිය කාලයේ රටට අහිමිවිය. ‍එම ආපදා තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා ෆැසිපික් සහයෝගීතා සංවිධානය සහ ගම්මැද්ද එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. ලබන සෙනසුරාදා සිට දින 3 ක් මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක 4 කදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන සඳහා උපදේශකයන් ලෙස එක්වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු ෆැසිපික් සහයෝගීතා සංවිධානයයි.