කිරිපිටි ඇණවුම් කිරීම නතර කෙරේ

කිරිපිටි ඇණවුම් කිරීම නතර කෙරේ

by Chathuranga Rajapaksha 03-05-2018 | 3:03 PM
COLOMBO (News 1st) - කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවට කිරිපිටි සමාගම් ආරංචි මාර්ග ​​සඳහන් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඔවුන් එලෙස තොග ඇණවුම් කිරීම නතර කර තිබෙන්නේ කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් අවසර නොදීම හේතුවෙනි. ඒ අනුව ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව ත් එබැවින් මේ මස අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බව කිරිපිටි සමාගම් පවසන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් කිරිපිටි සමාගම් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබඳව අප පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළ නමුත් ඔවුන්ගේ ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.