ලෙස්ටර්ගේ පදක්කම සොරාගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රිදී පදක්කම සොරාගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ

by Chathuranga Rajapaksha 03-05-2018 | 9:38 AM
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු රණ මයුර සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නොහැකි වූ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. එම පදක්කම අතුරුදන් වූයේ ඒ මහතාගේ දේහය අසල තබා තිබියදී ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි. මිල කළ නොහැකි මෙම පදක්කම මුළු මහත් ජාතියටම ආඩම්බර විය හැක්කකි. එම පදක්කම ශ්‍රී ලංකාවේ කීර්තී නාමය ලොවට විදහා දැක්වීම එයට හේතුවයි. එය හිමි කරගත් ශ්‍රි ලාංකේය සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරීස් මහතාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදීම අදාළ පදක්කම අතුරුදන්වීම කණගාටුවට කරුණකි. කිසියම් අයෙකු එය සොරාගත්තේ නම්, ඔහු ලැජ්ජාවට පත්විය යුතු අතර එය අතිශයින්ම නින්දිත ක්‍රියාවකි. එම නිසා ඒ පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙත්නම් වහාම පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමට කාරුණික වන්න. මේ දුරකථන අංකය 011 2 421 111