අල්ලස් ගත් ජනපති කාර්යාල නිලධාරියාගේ වැඩ තහනම්

අල්ලස් ගත් ජනපති කාර්යාල නිලධාරියාගේ සහ සංස්ථා සභාපතිගේ සේවය අත්හිටුවන්නැයි, ජනපතිගෙන් නියෝග

by Sagarika Chathumali 03-05-2018 | 10:53 PM
COLOMBO (News 1st)  : අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනුණු ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කිසිදු බලපෑමකින් තොරව එම නිලධාරීන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි සියලු අංශවලට ජනාධිපතිවරයා නියෝග කළ බවයි. අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථීරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය..