ශ්‍රී ලංකන් ගුවන් ගමන් 5ක් ප්‍රමාදයි

අනපේක්ෂිත සිදුවීම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් 5ක් ප්‍රමාදයි

by Sagarika Chathumali 03-05-2018 | 9:16 PM

COLOMBO (News 1st)  : අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ගුවන් ගමන් 5 ක් අද දිනයේ ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

කොළඹ සිට මෙල්බන්, ජෙඩා, ක්වලාලාම්පුර්, බැංකොක් සහ මෙල්බන් සිට කොළඹට පැමිණිමට නියමිත තිබු ගුවන් යානයක් එලෙස ප්‍රමාද වු බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියෙකු රෝගාතුර වීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩබැස්සවීමට සිදුවීමත්,  කුවෙට් සිට පැමිණි ගුවන් යානය දුවිලි කුණාටුව හසුවීමත් සමග ඉංජිනේරු සහාය ලබා ගැනීමට සිදුවීම එම ගුවන් ගමන් ප්‍රමාදයන්ට හේතු වී තිබේ. තවත් ගුවන් යානා දෙකක මතු වූ තාක්ෂණික දෝෂ ද එම ගුවන් ගමන් ප්‍රමාදවීමට හේතු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය.