සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අවසන් වෙයි

සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අවසන් වෙයි

by Staff writer 02-05-2018 | 7:02 AM
COLOMBO (News 1st) - දින 3ක් පුරා පැවති සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ඊයේ අවසන් විය. ඊයේ රත්‍රියේ ද වෙසක් කලාපයට විශාල පිරිසක් පැමිණ සිටියහ. දින තුනක් සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයයේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු මහ රහත් ධාතූන් වහන්සේ අද පෙරවරුවේ යළිත් එම ධාතූන් වහන්සේ වැඩ වසන විහාරස්ථාන වෙත වැඩම කර වීමට නියමිත ය. ඒ, විශේෂ පුද පූජාවන් හා තේවාවලින් අනතුරුව ය. කොළඹ 02 බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථාන පරිශ්‍රයේ දින තුනක් පැවති සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ අවසන් දිනය වූ ඊයේ දින මැදියම් රැය ඉක්මවීමෙන් පසුව ද ධාතූන් වහන්සේ වන්දනාවට විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණියහ. ඒ, මිහින්තලේ රජමහා විහාරස්ථානය, ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානය, තිස්සමහාරාම රාජමහා විහාරය සහ මරදාන අග්‍රශ්‍රාවක විහාරස්ථානවලින් වැඩම කරවූ සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ එකම ස්ථානයකදී වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කර ගැනීමේ අරමුණිනි. මෙවරත් සිරස වෙසක් කලාපය තොරණ, පහන් කූඩු සහ දන්සල්වලින් ද සමන්විත විය. https://www.youtube.com/watch?v=Uf1KIe8f29A