ලොව වායු දූෂණය වැඩි නගර 20න් 14ක් ම ඉන්දියාවේ

ලොව වායු දූෂණය වැඩි නගර 20න් 14ක් ම ඉන්දියාවේ

by Sagarika Chathumali 02-05-2018 | 7:01 PM

ලොව වායු දූෂණය වැඩි ම නගර 20 අතරට ඉන්දියාවේ නගර 14 ක් අයත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම වාර්තාවට අනුව ලොව දූෂිතම වායු සහිත නගරය වන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයයි. ඒ අනුව ෆරීඩාබාද් , වාරණාසී , ගයා , පැට්නා , දිල්ලි , ලක්නව් , අග්‍රා , මුසාෆර්පූර් ,  ශ්‍රී නගර් ,ගර්ගැඔන් , ජායිපූර් , පටියාලා , ජෝද්පූර් යන නගර ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති සෙසු ඉන්දීය නගර ලෙස සැලකේ. වායු දූෂණයේ බලපෑමෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1 .1 කි. මෙම වාර්තාව නිකුත්කිරීමට පදනම් වූයේ ,  2016 වසරේ නිකුත් කළ දත්ත බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.