ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු සම්මානය අතුරුදන්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු සම්මානයක් අතුරුදන්

by Hashini De Mel 02-05-2018 | 10:26 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු රණ මයුර සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම අතුරුදන්ව තිබේ.

ඒ එම පදක්කම ඒ මහතාගේ දේහය අසල තබා තිබියදීයි. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි. මුදලටත් වඩා වටිනා මිල කළ නොහැකි මෙම පදක්කම මුළු මහත් ජාතියටම ආඩම්බර විය. එම පදක්කම ශ්‍රී ලංකාවේ කීර්තී නාමය ලොවට විදහා දැක්වීම එයට හේතුවයි. එය හිමිකරගත් ශ්‍රී ලාංකේය සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරීස් මහතාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදීම අදාළ පදක්කම අතුරුදන්වීම කනගාටුවට කරුණකි. කිසියම් අයෙකු එය සොරාගත්තේ නම්, ඔහු ලැජ්ජාවට පත්විය යුතු අතර එය අතිශයින්ම නින්දිත ක්‍රියාවක් ද වේ. එම නිසා ඒ පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙත්නම් පහත අංකය අමතා වහා ම පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමට කාරුණික වනලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති. දුරකථන අංකය: 0112 421111 https://www.youtube.com/watch?v=WCbAAn2izxk