by Hashini De Mel 02-05-2018 | 5:56 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අනුබල දුන් බව කියන 8 වන සැකකරු වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා යළි ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරු අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ, කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්ත ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුර අනාවරණයවී නොමැති හෙයින් සැකකරුට ඇප ලබාදිය නොහැකි බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමල් කරුණාසේකර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා රඳවා සිටින හමුදා රෝහලේදී ඊට අවශ්‍ය පහසුකම් ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
මෙම සිද්ධියේ පළමු සැකකරු වන මේජර් දිසානායක මුදියන්සේලාගේ බුලත්වත්ත මහතාට යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද අද නොතිසි නිකුත් කෙරිණි.