මහනුවර සිද්ධිය: අත්අඩංගුවට පත් වූවන් යළි රිමාන්ඩ්

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 27 දෙනෙකු යළි රිමාන්ඩ්

by Staff writer 02-05-2018 | 10:33 AM
COLOMBO (News 1st) - මහනුවර ආශ්‍රිතව පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 27 දෙනෙකු ලබන 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරිඩ්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරුවන් අතර සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතා ලබන 9 වන දා පැවැත්වෙන සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.