by Hashini De Mel 02-05-2018 | 5:32 PM
COLOMBO (News 1st) - නව කැලණි පාලමේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට සිට ලබන 05 වන දා දක්වා ඒ ආශ්රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ කාලය තුළ දිවා හා රාත්රි කාලයේ වරින් වර පාලම මතින් වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.
මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹින් පිටවිමේදී සහ කොළඹට ඇතුලුවීමේදී කැලණි වට රවුම අසළ ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.