දියණියන් දෙදෙනෙකු තම මවට කළගුණ සැලකූ අයුරු

දියණියන් දෙදෙනෙකු තම මවට කළගුණ සැලකූ අයුරු

by Staff writer 02-05-2018 | 1:55 PM
COLOMBO (News 1st) - මව්වරුන් මහමෙරක් තරම් සෙනෙහස දී දරුවන් උස් මහත් කළත් මේ පුවත අනුරාධපුර විහාරපළමුගම ප්‍රදේශයේ තනී වූ මවක් පිළිබඳවයි. පී. ධර්මලතා නම් ඇය අවුරුදු 58 වන වියේ පසුවෙයි. මේ අම්මා පිළිකා රෝගයකින් පෙළෙන තැනැත්තියකි. දූවරුන් දෙදෙනෙකුගේ සහ පුතණුවකුගේ මවක වන ඇය මේ වන විය යන එනමක් නොමැතිව අනුරාධපුර පොලීසියේ තනිව සිටියි. මෙම මව පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා සායනයට ගොස් නැවත ගෙදර පැමිණි අවස්ථාවේදී සිය දුවරුන් දෙදෙනා විසින් මව ගෙදරින් එළවා තිබේ. කරකියා ගැනීමක් නොමැති වූ මෙම මව අසල පිහිටි බස් නැවතුම්පොළක සිටියදී අනුරාධපුර පොලීසිය පැමිණ ඇය රැගෙන ගොස් තිබේ. මව පවසන්නේ, තම නිවස දූවරුන්ට ලියාදෙන ලෙස බල කරමින් ඇයි නිවසෙන් එළවා දැමූ බව ය. පොලීසිය මැදිහත් වීමෙන් මව දරුවන් වෙත භාර දීමට කටයුතු කළත් පොලීසිය ගිය පසු නැවතත් දරුවන් විසින් මව එළවා දමා තිබේ. https://www.youtube.com/watch?v=KZA24B9kGLo