වසරක් තුළ ද. ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනය වෙයි

වසරක් තුළ ද. ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනය වෙයි

වසරක් තුළ ද. ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනය වෙයි

කර්තෘ Hashini De Mel

02 May, 2018 | 4:09 pm

COLOMBO (News 1st) – 2017 වසරේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ දකුණු ආසියානු කලාපය පුරා මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනයට ලක් විය.

ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයක් වන IFJ සංවිධානය ප්‍රකාශ කළේ, ඒ අතරින් මාධ්‍යවේදීන් 22 දෙදෙනෙකුම ඇෆ්ඝනිස්ථානයේදී ඝාතනයට ලක් ව ඇති බවයි.

ඒ අනුව දකුණු ආසියාව ලොව මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම කලාපය බවට පත් ව ඇති අතර මෙම තත්ත්වය වැලැක්වීමට කලාපීය රටවල් කඩිනම් පියවරගත යුතු බව ද එම සංවිධානය අවධාරණය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]