වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවයි

වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවයි

by Staff writer 01-05-2018 | 2:19 PM
COLOMBO (News 1st) - වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, දන්සල් සඳහා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර භාවිතය, රෝගී පුද්ගලයින් සේවයේ යෙදවීම සහ අපිරිසිදු බව හේතුවෙන් දන්සල් අත්හිටුවීමට පියවර ගත් බව ය. ඒ අතර සිසිල් බීම දන්සල් 24ක් ද බත් දනසල් 8ක් ද වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. දිවයින පුරා දන්සල් 3983ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ලියාපදිංචි දන්සල් සංඛ්‍යාව 2625කි.