ලෝක කම්කරු දිනය අද යි

ලෝක කම්කරු දිනය අද යි

by Hashini De Mel 01-05-2018 | 9:42 PM

COLOMBO (News 1st) - ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ.

1886 මැයි මස 01 වන දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී පැය 8 ක වැඩමුරයක් ඉල්ලා කළ සටන සිහි කරමින් ලොවපුරා ජනතාව කම්කරු දිනය සමරුහ. ඊට සමගාමීව මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඒ. ඊ ගුණසිංහ මහතාගේ 127 වැනි ගුණ සමරුව පිටකොටුවේ පිහිටි ගුණසිංහ ප්‍රතිමාව අභියසදී අද පැවැත් විණි. කම්කරු දිනය මෙරට නිවාඩු දිනයක් බවට පත් කිරීමට මුල් වූ හිටපු අමාත්‍ය ටී. බී ඉලංගරත්න මහතාගේ 27 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් අද කොළඹ නවම් මාවතේදී උත්සවයක් පැවැත් විය. සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තව ත් කම්කරු දින සැමරුමක් අද තලංගමදී පැවැත් විය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව අද කම්කරු දිනය සැමරුවේ කොළඹ ජේ. ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සංවිධානය කළ මැයි දින රැලිය අද කොළඹදී පැවැත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාලිගාවත්තේදී මැයි දිනය සැමරුවේ ය. ජනතා විමුක්ති පෙරමුණ යාපනයේත් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ස්ථාන කිහිපයකදීත් මැයි දින සමරු උත්සව සංවිධානය කර තිබුණි. https://www.youtube.com/watch?v=ZK1spwkoZ9o