පුද්ගලයින් 30කට තුවාල සිදු කළ බස් රථ අනතුර

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

by Staff writer 01-05-2018 | 7:03 AM
COLOMBO (News 1st) - පුද්ගලයින් 30 දෙනෙකුට තුවාල සිදු කරමින් කටුගස්තොට - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ පස්වරුවේ අනතුර සිදු විය. පොලීසිය පැවසුවේ, අනතුරට ලක්වූවන් ප්‍රතිකාර සඳහා මහනුවර සහ අවට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ය.