by Hashini De Mel 01-05-2018 | 6:23 PM
COLOMBO (News 1st) - නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය 8වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනය අද ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ අනුව තවදුරටත් එහි පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 112 ක් රැස් කළ ඉන්දියාවයි.
දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ රැඳී සිටී.
මේ අතර තුන්වැනි ස්ථානයේ සිටි නවසීලන්තය සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර තුන්වැනි ස්ථානය හිමි ව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.
බංග්ලාදේශය නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව එම ලේඛනයේ 6 වන ස්ථානයේ රැඳී සිටී.