කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ

කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ

by Staff writer 01-05-2018 | 6:40 AM
COLOMBO (News 1st) - අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් අද සිදු වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදුවන බව ය. කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ සිදුවන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ම තහවුරු කළහ. ඔවුන් පැවසුවේ, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස් නොවනු ඇති බව ය. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, අද උදෑසන 9.30ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නැයි අමාත්‍යවරුන්ට දන්වා ඇති බව ය. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනා මේ වන විට ඉල්ලා අස්වී සිටින අතර එම තනතුරුවලට තාවකාලිකව අමාත්‍යවරුන් පත් කර තිබේ. කම්කරු, සමාජ සුබ සාධන හා සවිබල ගැන්වීම් යන අමාත්‍යංශ මෙම තාවකාලික පත් කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ ය. මේ වන විට එම විෂයන් භාරව කටයුතු කරන්නේ, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ය.