ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි වැඩසටහනක – ඊශ්‍රායලයෙන් චෝදනා

ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි වැඩසටහනක – ඊශ්‍රායලයෙන් චෝදනා

ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි වැඩසටහනක – ඊශ්‍රායලයෙන් චෝදනා

කර්තෘ Sakila Udayakumara

01 May, 2018 | 7:39 am

(News 1st) – ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදුකරන බව ඊශ්‍රායලය පවසයි.

රහසිගත න්‍යෂ්ටික ලිපි ගොනු අනාවරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදු කරන බව ය.

ඉරානය ලොව හමුවේ ඒ බව ප්‍රතික්ෂේප කළ ද පිටු දහස් ගණනකින් සමන්විත තොරතුරු මගින් එය අනාවරණය වන බව ද බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ය.

කෙසේ වෙතත් සම්බාධක ඉවත් කර ගැනීම සඳහා සිය න්‍යෂ්ටික බලශක්ති වැඩපිළිවෙළ නතර කර දැමීමට 2015 දී ඉරානය එකඟතාව පළ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඊශ්‍රායල අගමැතිවරයා පවසන්නේ, නමුත් එය ගිවිසුමකට පමණක් සීමා වී ඇති බව ය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීම සඳහා අමෙරිකාව සමගින් තවත් ජාත්‍යන්තර බලවතුන් 5 දෙනෙකු ගිවිසුමකට එළැඹුණ ද මේ වන විට එය අර්බුදයට ලක්ව තිබේ.

ඔබාමා යුගයේ මෙම එකඟතාවෙන් අමෙරිකාව ඉවත්වීමේ තර්ජනයට ලක්ව ඇති අතර ජනපති ට්‍රම්ප් පවසන්නේ, එය නෙතන්යාහුගේ ඉදිරිපත් කිරීම්වල කොටසක් තමන් සලකන අතර පවතින තත්ත්වය අනුමත කළ නොහැකි බව ය.

න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මේ මස 12 වන දා හෝ ඊට පෙර තමන් තීරණයක් ගන්නා බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ය.

එහෙත් යුරෝපා බලවතුන් පවසන්නේ තමන් න්‍යෂ්ටික එකඟතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ය.