Bestweb 2018
Bestweb 2018
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද

02 May, 2018 | 6:28 am

COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද සිදුවේ.

ජනාධිපති ලෙක්ම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට පමණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරන බව ය.

මෙහිදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද පත්වීම් ලැබෙනු ඇති.

ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා සියලු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතීමට ද නියමිත බව ය.

මේ අතර ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍ය ධූර 18ක් සඳහා නව අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කර්තෘ: Sakila Udayakumara