Bestweb 2018
Bestweb 2018
උඩවලව සහ දැදුරු ඔය තවදුරටත් වාන් දමයි

උඩවලව සහ දැදුරු ඔය තවදුරටත් වාන් දමයි

උඩවලව සහ දැදුරු ඔය තවදුරටත් වාන් දමයි

18 May, 2018 | 6:44 am

COLOMBO (News 1st) – උඩවලව සහ දැදුරු ඔය ජලාශ්‍රවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ අවට පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බව ය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ ඇතුළු පළාත් රැසකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඊට හේතුව යි.

මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කර්තෘ: Sakila Udayakumara