මාලනී ෆොන්සේකාගේ 71 වැනි ඡන්ම දිනය අද යි

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ 71 වැනි ඡන්ම දිනය අද යි

by Hashini De Mel 30-04-2018 | 9:52 AM

COLOMBO (News 1st) - හෙළ සිනමාවේ නිළි රැජිණ, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ 71 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ.

අකල් වැස්ස වේදිකා නාට්‍ය හරහා කලා ලෝකයට ප්‍රවේශ වූ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රිදී තිරයට පා තබන්නේ 1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙනි. එතැන් පටන් මේ දක්වා ඇය රංගන දායකත්වය ලබාදී ඇති සිනමා පට ගණන 155ක් වේ. සිය නිසඟ හැකියාවන් සතතාභ්‍යාසයෙන් ඔපවත් කරගත් ඇය අඛණ්ඩව දශක පහක් මෙරට ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස ජන හදවත් තුළ ලැගුම් ගෙන සිටි. 2010 වසරේදී මාලනී ෆොන්සේකා යන නාමය, ආසියාවේ හොඳම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 25 දෙනා අතරට ඇතුළත් විය. 1975 වසරේදී එයා දැන් ලොකු ළමයෙක් සිනමා පටයේ රංගනය වෙනුවෙන් මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී ඇය ඇගයීමට ලක්වෙන්නේ ජාත්‍යන්තර ඇගයීමක් ලැබූ මෙරට ප්‍ර‍ථම රංගන ශිල්පියා බවට පත්වෙමිනි.