හෙට තවත් කැබිනට් සංශෝධනයක්....

හෙට තවත් කැබිනට් සංශෝධනයක්....

by Sagarika Chathumali 30-04-2018 | 8:01 PM
කඅමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ සිදුවන බව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම තහවුරු කළහ. ඔවුන් පැවසුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හෙට වෙනස් නොවනු ඇති බවයි. ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, හෙට උදැසන 9.30ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නැයි අමාත්‍යවරුන්ට දන්වා ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනා මේ වනවිට ඉල්ලා අස්වී සිටින අතර එම තනතුරුවලට තාවකාලිකව අමාත්‍යවරුන් පත්කර තිබේ. කම්කරු , සමාජ සුබ සාධන හා සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ මෙම තාවකාලික පත්කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ ය. මේ වනවිට එම විෂයයන් භාරව කටයුතු කරන්නේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි. මේ අතර රවී කරුණානායක හා විජේදාස රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් අමාත්‍ය ධුර හිමිවේ දැයි මේ දිනවල බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්ව තිබේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ මූලිකත්වයෙන් පැපිලියානේ ඉදි කළ තොරණ විවෘත කිරීමට ඊයේ අග්‍රාමාත්‍යවරයා පැමිණි අතර ඔහු විජේදාස රාජපක්ෂ මහතා සමග සමීප අසුනක වාඩිවී කථාබහ කරමින් සිටිනු දැකගත හැකි විය. https://www.youtube.com/watch?v=_wfwGB1gAok