සිරස වෙසක් කලාපයට දහස් සංඛ්‍යාත සැඳැහැවත් පිරිසක්

සිරස වෙසක් කලාපයට දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් පිරිසක්

by Sagarika Chathumali 30-04-2018 | 8:21 PM

සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය වෙත වැඩම කෙරුණු සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට අද අලුයම සිට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිනෙමින් සිටිති.

සර්වඥ , අග්‍රශ්‍රාවක හා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් අද උදෑසන සිට සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවට පිරී ඉතිරී තිබිණ. අදත් සැදැහවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවුණේ, ධාතූන් වහන්සේ උදෙසා සිදුකළ තේවාවෙන් පසුවයි. මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහත් ධාතූන් වහන්සේ මෙන්ම තිස්සමහාරාම සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේ ද වන්දනාමාන කරගැනීමට අදත් ජනතාවට අවස්ථාව හිමි වේ. මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරයේ සිට වැඩම කරවූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහනසේද සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී දැකගත හැකි අතර එය වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව ද බැතිමතුන්ට හිමියි. 19 වන සියවසේ අගභාගයේදී තායිලන්තයේ චූලාලංකාර රජු විසින් ගාල්ල ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයට පූජා කළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ද මෙවර වෙසක් කලාපයට වැඩම කරවා තිබේ. https://www.youtube.com/watch?v=QEzrtv98BOA මේ අතර සිරස වෙසක් කලාපය මෙවරත් අංග රැසකින් සමන්විත වේ. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සමගාමීව 5 වන වරටත් කෙවිල්ටන් පුද්ගලික සමාගම සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුර අද පෙරවරුවේ පැවැත්විණ. ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කළ අතර එය අදත් පැවැත්වීමට නියමිතයි. කුක්කුට ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ හා ආලෝකෝ උදපාදී චිත්‍රපටය ප්‍රධාන වේදිකාවේදී දැක බලා ගැනීමේ අවස්ථාව ද සිරස යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට පැමිණෙන ඔබට උදාවේ. මේ අතර සිරස FM සංවිධාන කළ සමස්ත ලංකා සැදැහැ ගී තරගාවලියේ අවසන් අදියරද අද හෙට යන දිනයන්හිදී වෙසක් කලාපයේදී පැවැත්වේ. බැතිමතුන්ගේ පහස නිවීම සඳහා කඩල හා බත් දන්සල් අද ත් ක්‍රියාත්මක විය. https://www.youtube.com/watch?v=V2rw_yMZlRs