සිරස-යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අදයි

සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අද යි

by Hashini De Mel 30-04-2018 | 6:21 AM

COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අද යි.

කොළඹ 02, බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථානය පරිශ්‍රයේදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද ත් පැවැත්වෙනු ඇති. මිහින්තලේ රාජමහා විහාරස්ථානය, ගාල්ල පරමානන්ද රාජමාහා විහාරස්ථානය, තිස්සමහාරාම රාජමහා විහාරය සහ මරදාන අග්‍රශ්‍රාවක විහාරස්ථානවලින් වැඩම කර වූ සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී බැතිමතුන්ට වන්දනාමාන කළ හැකියි. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ ධාතූන් වහන්සේ වන්දනාවට ඊයේ දිවයිනේ නන් දෙසින් සෑදැහවතුන් විශාල පිරිසක් එක් විය. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිත වේ. පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් බත් දන්සැල්, බීම දන්සැල් හා ඔසුපැන් දන්සල් ක්‍රියාත්මක වනු ඇත. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ, අද දිනයේ ධාතූන් වහන්සේ වන්දනාව දහවල් කාලයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මේ අතර සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සමගාමීව පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියන්ගේ සිරස FM පන්සිල් මළුව විශේෂ ධර්ම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම ධර්ම සාකච්ඡාව ආරම්භ වන්නේ අද පස්වරු 3.00 යි. කොළඹ බේබෲක් පෙදෙසේ සිරස වෙසක් කලාපය සමීපයේ පිහිටා ඇති මුවර්ස් ක්‍රීඩාංගණයේදී මෙම ධර්ම සාකච්ඡාව පැවැත් වේ. සුදුවතින් සැරසී කල්වේලා ඇතිව පැමිණ අසුන් ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටි.