ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

by Hashini De Mel 30-04-2018 | 6:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වේ.

අද අලුයම ශ්‍රී පාද මළුවේ සිදු කෙරෙන විශේෂ පූජාවකින් පසු ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරෙනු ඇති. ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝා නායක හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කළේ, අද දිනයේදී ශ්‍රී පාද උඩුමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ උඩු මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩම කරන බවයි.