වෙසක් දුම්රිය සේවා කොයිබට ද..?

වෙසක් දුම්රිය සේවා කොයිබට ද..?

by Sagarika Chathumali 30-04-2018 | 10:22 PM

COLOMBO (News 1st) : වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඊයේ, අද මෙන්ම හෙටත් ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

අදාළ නිවේදනය අනූව හෙට අලුයම 1ට මරදාන සිට අලුත්ගම දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර, තවත් දුම්රියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ද හෙට අලුයම 1ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය 28 වන දා නිකුත් කළ නිවේදනයට අනූව මෙම විශේෂ දුම්රිය සේවා ආරම්භ වුණේ ඊයේ සිටයි. නමුත්, මාධ්‍ය හරහා දුම්රිය දෙපාර්තමේන්තුවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් නිවේදනය කළ ආකාරයට විශේෂ දුම්රිය ධාවනය නොවූ බවට මගීන් චෝදනා කරයි. ඊයේ රාත්‍රි 8.30ට අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය කෙරෙන බව කී විශේෂ දුම්රිය ධාවනය නොවීමෙන් පීඩාවට පත් මගියෙකු අද උදෑසන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණේ, අද එම දුම්රිය ධාවනය වන බව සහතික කර ගැනීමේ අරමුණිනි.