ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ දේහය තිඹිරිගස්යායේ නිවසට

ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ දේහය අද තිඹිරිගස්යායේ නිවසට

by Hashini De Mel 30-04-2018 | 6:40 AM

COLOMBO (News 1st) - හෙළ සිනමාවේ පියාණන් ලෙස සැලකෙන ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 99 කි. දේහය අද පෙරවරුවේ කොළඹ 05, තිඹිරිගස්යාය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේ ය. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ලබන බදාදා (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනු ඇති. 1918 වසරේ අප්‍රේල් මස 5 වැනි දාවක දෙහිවලදී උපන් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා, ලෝක සිනමා සිතියමේ ශ්‍රී ලාංකිය සලකුණයි.