by Hashini De Mel 30-04-2018 | 7:47 AM
COLOMBO (News 1st) - කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ, ගෑස් මිල ඉහළ නැංවීමට සමගාමිව මතුවන පාඩුව මගහැරවීම සඳහා මෙම පියවර ගත් බව ය.
මේ අතර රජය විසින් ගෑස් මිල වැඩි කිරීම හේතුවක් ලෙස ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපනශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගික අධිකාරිය පැවසූවේය.
නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ, වර්තමානයේ ගෑස් මිල රු 245.00 කින් වැඩිකළා වූව ද මෙයට පෙර 2014 - 2015 පැවති මිල ගණන් අනුව සැසඳීමේදී එය අඩු මට්ටමක පවතින හෙයින් ආපනශාල හා හෝටල්වල කිසිදු ආහාරයක මිල වැඩි කිරීමට හේතුවක් නොමැති බවයි.
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින සිට රුපියල් 245 කින් වැඩි වූ අතර එහි නව අළෙවි මිල රුපියල් 1679.00 කි.
මෙයට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රු 110.00 කින් ගෑස් මිල වැඩි කරනු ලැබිණි.