by Hashini De Mel 30-04-2018 | 10:24 AM
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් හටගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මේ වන විට සම්පුර්ණයෙන් නිවා ඇති බවයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.
පොලීසිය පැවසුවේ, එම ස්ථානයට රස පරීක්ෂක කැඳවීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.