නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී

නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී

by Hashini De Mel 30-04-2018 | 11:24 AM

COLOMBO (News 1st) - ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය.

ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය. තරගයේ පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ජය ගත් නඩාල් දෙවැනි වටය ද ලකුණු 6 ට 1 ක් ලෙස පහසුවෙන් ජය ගත්තේය. මැටි සහිත ටෙනිස් පිටියක් තුළදී නඩාල් ලැබූ අඛණ්ඩ 19 වන ජයග්‍රහණය හා සිය ටෙනිස් දිවියේ ලැබූ 401 වන ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වෙනු ඇති. එසේම නඩාල් මේ දක්වා බාර්සිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ තරග කළ අවසන් මහා තරග සියල්ලම ජයගෙන තිබීම ද විශේෂත්වයකි.